Thursday, November 13, 2025
Homeදේශීයසීනිගමදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දින 7ක් රඳවා ප්‍රශ්න කෙරේ

සීනිගමදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දින 7ක් රඳවා ප්‍රශ්න කෙරේ

හෙරොයින් කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සමඟ සීනිගම ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා දින 7ක් රඳවා ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පියවර ගෙන ඇත.

පෙරේදා දිනයේ පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දුන් බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගාල්ල, අහංගම, තෙල්වත්ත, වතුගෙදර සහ සීනිගම ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, මුලික විමර්ශනවලින් ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතව සිටි බව අනාවරණය වී ඇත.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ පුද්ගලයින් 30,954 දෙනෙකු පරීක්ෂාවට ලක් කර, සැකපිට පුද්ගලයින් 693 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී, අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 26 දෙනෙකු, වරෙන්තුකරුවන් 263 දෙනෙකු, විවෘත වරෙන්තුකරුවන් 118 දෙනෙකු සහ බීමත් රියදුරන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments