තිරුක්කෝවිල් ප්‍රදේශයේදී විදේශික තරුණියක්ව ලිංගික හිංසනයට ලක්කිරීමේ චෝදනාවකට අදාළ සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාධ්‍ය හරහා අදාළ වීඩියෝ පටය සහ ඒ සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් වීමත් සමග මෙම සැකකරු තිරුක්කෝවිල් ප්‍රදේශයේ කඩල වෙළෙන්ඳෙකු බවට සමාජ මාධ්‍ය හරහා පොස්ටුවක් සංසරණය වී තිබෙනවා.
ඒ අනුව තිරුක්කොවිල් පොලීසියේ ස්ථානාධිපති සහ පොලිස් නිලධාරීන් කණ්ඩායම විමර්ශන සිදුකර ඇත.
පසුව ලැබුණු තොරතුරු මත ඔහු පදිංචිව සිටි ස්ථාන කිහිපයකට ගොස් තිබෙන අතර එහිදී එක් ස්ථානයකදී සැකකරුගේ සහ ඔහුගේ බිරිඳගේ ජාතික හැඳුනුම්පත් වල ඡායාපිටපත් හමුව තිබෙනවා.
ඒ අනුව බිරිඳගේ නිවසට ගිය පොලිස් කණ්ඩායමට අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු දින තුනකට පෙර ඔහු සිටි ස්ථානයෙන් පලා ගොස් ඇති බවයි.
ඒ අනුව ඔහු ගැවසිය හැකි ස්ථාන පිලිබඳ සිදුකළ සොදිසි කිරීමකදී සැකකරුව කල්මුණේ මරඳමුණේ ප්‍රදේශයේ දී අද පස්වරුවේ මෙලස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තිරුක්කොවිල් පොලීසියේ ස්ථානාධිපති සහ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (16) දිනයේ කල්මුණේ මරඳමඩු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සොදිසි මෙහෙයුමකදී සැකකරුව මෙලෙස අත්අඩගංගුවට ගෙන තිබෙන අතර සැකකරු 25 හැවිරිදි එක්දරු පියෙකු වනවා.
ඔහු සහ බිරිඳ තිරික්කෝවිල් අවට ප්‍රදේශවල කුලී පදනම මත නිවාස කිහිපයක පදංචිව සිට තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ වන විට ඔහු හිස බූ ගා සිය පෙනුම වෙනස්කර ගෙන සිටි බව පොලීසිය පවසයි.
වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු පොතුවිල් පොලීසිය භාර දී තිබේ.
ප්‍රකට සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවට ලොව පුරා ඉහළ ආකර්ෂණයක් හිමිවීම කෙරෙහි අප සතු සුන්දර පරිසර පද්ධතිය මෙන්ම මෙරට ජනතාව සතු ආගන්තුක සත්කාරයද හේතුවී ඇති බව නොරහසකි.
එහි දැක්වෙන්නේ ත්‍රිරෝද රථයක් පදවාගෙන යන විදේශීය කාන්තාවකට පුද්ගලයෙකු සිය ලිංගික අවයව පෙන්වන ආකාරයයි.
මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පසුබිමක, එම සිදුවීමට මුහුණ පෑ 24 හැවිරිදි නවසීලන්ත ජාතික කාන්තාව ඊයේ (15) පස්වරුවේ සංචාරක පොලිස් කොට්ඨාසයට විද්‍යුත් තැපෑල ඔස්සේ පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
ඒ අනුව සැකකරු සොයා තිරුක්කෝවිල් පොලීසිය හා පොතුවිල් පොලීසිය සමග එක්ව විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ ඉකුත් සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි අදාළ නවසීලන්ත ජාතික තරුණිය ඔක්තෝබර් 25 වනදා ආරුගම්බේ ප්‍රදේශයේ සිට පාසිකුඩා දක්වා ත්‍රි රෝද රථයකින් ගමන් කරන අතරතුර තිරුක්කෝවිල් ප්‍රදේශයේදී මෙම පුද්ගලයා මුණගැසී කතාබහ කර ඇති බවයි.
අදාළ පුද්ගලයා මෙම අශෝභන ක්‍රියාව සිදුකර ඇත්තේ ඒ අතරවාරයේදී බවට වාර්තා වනවා.

