Monday, March 23, 2026
Homeසියලුම පුවත්සුරේෂ් සලේ සම්බන්ධ පෙත්සම සලකා බැලීමට දින නියමයි

සුරේෂ් සලේ සම්බන්ධ පෙත්සම සලකා බැලීමට දින නියමයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ලබන සැප්තැම්බර් 25 වනදා කැඳවීමට නියෝග කර තිබේ.
මෙම පෙත්සම ගොනු කර ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසිනි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගෙන රඳවා තැබීම මෙම පෙත්සම මගින් අභියෝගයට ලක් කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments