Thursday, November 13, 2025
Homeදේශීයසුළං විදුලි බලාගාර ඉදිකිරීමට එරෙහි මන්නාරමේ විරෝධතා අඛණ්ඩව

සුළං විදුලි බලාගාර ඉදිකිරීමට එරෙහි මන්නාරමේ විරෝධතා අඛණ්ඩව

මන්නාරම දිස්ත්‍රික්කයේ සුළං විදුලි බලාගාර ඉදිකිරීම් නවතා දමන ලෙසත්, මන්නාරම දූපත ආශ්‍රිත ඛනිජ වැලි කැනීම් සඳහා අවසර නොදෙන ලෙසත් ඉල්ලා පවත්වන විරෝධතාවය අඛණ්ඩව දිගටම පවත්වාගෙන යාමට මන්නාරම දිස්ත්‍රික් සිවිල් සංවිධාන එකමුතුව තීරණය කර තිබේ.

මෙම විරෝධතාව දින 100කට ආසන්න කාලයක් පුරා සිදු වී ඇති අතර, එය ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් තවදුරටත් පවත්වාගෙන යන බව සඳහන්ය.

මන්නාරම දිස්ත්‍රික් සිවිල් සංවිධාන එකමුතුව ප්‍රකාශ කර ඇත්තේ, ආණ්ඩුව විසින් නව සුළං බලාගාර ඉදිකිරීම් නවතා දැමීම පිළිබඳ තීරණය අගය කරන නමුත් දැනටමත් ඉදිකර ඇති බලාගාර හේතුවෙන් ජනතාව මුහුණ දී සිටින ගැටළු සඳහා තවමත් සාධාරණ විසඳුමක් ලබා නොදී ඇති බවය.

එම ගැටළු සඳහා නිවැරදි විසඳුම් ලබාදීමත්, මන්නාරම දූපත ආශ්‍රිත ඛනිජ වැලි කැනීම් නවත්වන බවට පොරොන්දුවක් ලබා දීමත් සිදු වූ විට පමණක් තමන්ගේ විරෝධතාව අත්හිටුවන බවද ඔවුන් පැවසූහ.

මන්නාරම දිස්ත්‍රික් සිවිල් සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු දේවගැති අරුන්තන්දෙයි මාර්කස් පියතුමා ප්‍රකාශ කළේ, ජනතාවගේ අයිතිවාසිකම් රැක ගැනීම සඳහා මෙම පියවර අත්‍යවශ්‍ය බවත්, රජය විසින් යහපත් මැදිහත්වීමක් බලාපොරොත්තු වන බවත්ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments