Wednesday, March 4, 2026
Homeවිදේශීයසුළි කුණාටුවක් මැද නත්තල් සමරන ඕස්ට්‍රේලියානු දූපත් සමූහය

සුළි කුණාටුවක් මැද නත්තල් සමරන ඕස්ට්‍රේලියානු දූපත් සමූහය

බටහිර ඕස්ට්‍රේලියානු වෙරළට ඔබ්බෙන් පිහිටි කුඩා දූපත් සමූහයකට බලපාන සුළි කුණාටුවක් හේතුවෙන් දැඩි කාලගුණික තත්ත්වයක් මතුව ඇත. එම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 100ක් දක්වා වේගයෙන් ගමන් කරන බවත්, ඒ සමඟ දැඩි සුළං සහ තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවත් අනාවැකි පළ කර තිබේ.

කොකෝස් (කීලිං) දූපත් වාසීන් සඳහා සුළි සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදන නිකුත් කර ඇති අතර, නත්තල් දිනය වන අද (25) නිවෙස්වලම රැඳී සිටින ලෙස ජනතාවට දැනුම් දී ඇත.

එමෙන්ම හදිසි ගංවතුර තත්ත්වයක්ද ඇති විය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා තිබේ.

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර, බටහිර ඕස්ට්‍රේලියානු වෙරළට වයඹ දිශාවෙන් කිලෝමීටර් 2,000කට වඩා දුරින් පිහිටි මෙම දූපත් සමූහයේ පුද්ගලයන් 600කට ආසන්න පිරිසක් ජීවත්වන බව වාර්තා වෙයි.

දූපත් 27කින් සමන්විත මෙම සමූහය අතරින් මේ වනවිට ජනාවාස වී ඇත්තේ දූපත් දෙකක් පමණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments