ගිං ගඟ සහ නිල්වලා ගඟේ ඉහළ සහ මධ්‍යම ප්‍රදේශවලට පැවැති අධික වැසි හේතුවෙන් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. ඉදිරි පැය 24 තුළ මෙම තත්ත්වය වැඩි විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම තත්ත්වය හේතුවෙන් නෙළුව, තවලම, නාගොඩ, නියාගම, වැලිවිටිය–දිවිතුර, ඇල්පිටිය සහ අක්මීමන ප්‍රදේශවල ජනතාව විශේෂ අවධානයෙන් පසුවිය යුතුයි. එසේම නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරුස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය සහ තිහගොඩ ප්රදේශවලටද සුළු ගංවතුර අවදානමක් පවතින බව වාර්තා වේ.
රාජාංගනය ජලාශයේ වාන් දොරටු 4ක් සහ අංගමුව ජලාශයේ 2ක් විවෘත කර ඇති අතර, දිවයිනේ වැසි තත්ත්වය ඉදිරි දිනවලදී තවත් වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව, දකුණු පළාත්වලත් නුවරඑළිය ප්‍රදේශයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 පමණ තද වැසි ඇතිවිය හැක.
අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක 9කට නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

