සූරියකන්ද පොලිසිය හිටපු ස්ථානාධිපතිවරයෙකු (OIC) සහ කොස්තාපල්වරයෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගෝනෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව වන චෝදනාවක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.
වනජීවී ආඥා පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගෙන ඇති බවද වාර්තා වේ.
සැකකරුවන් හෙට (07) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

