පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් හැටන් අධ්‍යාපන කලාපයේ සියලු පාසල් සඳහා අද (15) විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ.
මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ උපදෙස් මත හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.
ඒ අනුව, සිසුන් සහ ගුරුවරුන් වෙනත් අවශ්‍යතා සඳහාද පාසල් වෙත කැඳවීමෙන් වළකින ලෙස විදුහල්පතිවරුන් වෙත දැනුම්දී ඇති බව වාර්තා වේ.
එමෙන්ම නුවරඑළිය කලාපයේ පාසල් සම්බන්ධයෙන්ද අවශ්‍යතාවය අනුව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් ලබාදී තිබේ
හැටන් පාසල්වලට අද විශේෂ නිවාඩුවක්

