Homeසියලුම පුවත්හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනු කර ඇති නඩුව අද (11) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතය.2023 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතා සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා එක්සත් රාජධානියට ගිය අවස්ථාවේදී රුපියල් මිලියන 16.6කට අධික රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුව ගොනු කර තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අවසන් කර ඊට අදාළ ලේඛන සහ විමර්ශන ගොනු නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණි.පසුගිය ඔක්තෝබර් 30 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපති ලේකම්වරයා අධිකරණය හමුවේ පෙනී සිටියහ.එහිදී නීතිපතිවරයාගේ උපදෙස් සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ කරුණු විමසීම සඳහා නඩුව අද දිනයේ යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.ඒ අනුව නීතිපතිවරයාගේ ස්ථාවරය සහ නඩුව සම්බන්ධයෙන් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අද අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments