Homeසියලුම පුවත්හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මහතා අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ එම්.කේ. ශිවාජිලිංගම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මියයන විට ඒ මහතා 69 හැවිරිදි වියේ පසුවිය. පසුගිය කාලයේ රෝගී තත්ත්වයකින් පසුවූ ඔහු ඊයේ (14) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් අවස්ථා දෙකකදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශිවාජිලිංගම් මහතා, මියයන විට වැල්වැටිතුරෙයි නගර සභාවේ නගරාධිපතිවරයා ලෙසද කටයුතු කළේය.වඩමරච්චි, වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ උපත ලැබූ ඒ මහතා දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය (TELO) හරහා සිය දේශපාලන ගමන ආරම්භ කර තිබේ.2001 සහ 2004 වසරවලදී දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් යාපනය දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ ඔහු එම අවස්ථා දෙකේදීම පාර්ලිමේන්තුවට තේරී පත්විය.2010 ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසද තරග කළ ශිවාජිලිංගම් මහතා, 2013 වසරේ පැවති උතුරු පළාත් සභා මැතිවරණයෙන් පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්විය.යුද්ධය අවසන් වීමෙන් පසු උතුරු හා නැගෙනහිර ජනතාවගේ ගැටලු වෙනුවෙන් පෙනී සිටිමින් පැවති විරෝධතා සහ උපවාසවලටද ඔහු මූලිකත්වය ගෙන කටයුතු කළේය.දෙමළ පක්ෂ කිහිපයක් එක්ව දෙමළ ජාතික සන්ධානය පිහිටුවීම සඳහාද ශිවාජිලිංගම් මහතා ක්‍රියාකාරී දායකත්වයක් ලබාදුන් අයෙකු ලෙස සඳහන් වේ.ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (16) යාපනය, වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී සිදුකිරීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments