Monday, March 2, 2026
Homeweatherහෙට මි.මී 150ට වැඩි තද වැසි – රතු අනතුරු ඇඟවීමක්

හෙට මි.මී 150ට වැඩි තද වැසි – රතු අනතුරු ඇඟවීමක්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඇති ගැඹුරු අවපාතයක් නිසා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ඊට අනුව හෙට (09) සිට නැගෙනහිර පළාතේ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මී 150ට වැඩි තද වැසි ඇතිවිය හැක. තවත් කිලිනොච්චි, වවුනියාව, මුලතිව්, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශවලට මි.මී 100–150 තද වැසි ඇති විය හැක.

මේ නැවත දැනුම් දෙනතුරු මුහුදු කටයුතු නතර කරමින් ධීවර සහ නාවික කටයුතු වලින් ඉවත්ව සිටින ලෙසත් දැනට මුහුදේ සිටින පුද්ගලයින් වහාම ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙසත් කාලගුණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments