Thursday, January 15, 2026
Homeweatherහෙට සිට වැසි තත්ත්වය තවත් ඉහළට

හෙට සිට වැසි තත්ත්වය තවත් ඉහළට

හෙට සිට දිවයිනේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව ඇතිවුණු අඩු පීඩන කලාපයක් මෙම කාලගුණය තවදුරටත් තීව‍්‍ර කරනු ඇති බවයි සඳහන් කරන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (23) රාත්‍රී 11.30 දක්වා වලංගු වන ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්ද නිකුත් කර ඇත. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ගාල්ල, මාතර, අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල ගිගුරුම් සහිත වැසි සමඟ තද අකුණු ඇතිවීමේ ඉහළ අවදානයක් පවතින බවත් එම නිවේදනය සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති විය හැකි බැවින් ජනතාව අවශ්‍ය ප්‍රතිශක්ති ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් දී ඇති අතර, අකුණු හේතූවන අනතුරු වැළැක්වීමටද අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටී.

මේ අතර, පවතින වැසි තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ආපදා තත්ත්වයන්ද වාර්තා වී තිබේ. ගංගා කිහිපයේ ජල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් පහත් බිම් ප්‍රදේශවල පදිංචිකරුවන් අවධානයෙන් සිටිය යුතු බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments