Tuesday, March 3, 2026
Homeවිදේශීයහොංකොං ගින්නෙන් මරණ 44ක් – අතුරුදහන් 279ක්

හොංකොං ගින්නෙන් මරණ 44ක් – අතුරුදහන් 279ක්

හොංකොං තායි පෝ ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක ඊයේ (26) පස්වරුවේ ඇති වූ භයානක ගින්නෙන් මියගිය සංඛ්‍යාව 44ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

එම ගින්නෙන් පුද්ගලයින් 279 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති අතර, ගිනිනිවන සේවකයෙකුද මියගොස් තිබේ.

පැය 18කට අධික කාලයක් අඛණ්ඩව ඇවිළුණු මෙය නිවාදැමීම සඳහා ගිනිනිවන භටයින් 800කට වැඩි පිරිසක් නියෝජනය කර ඇති බවත්, සංකීර්ණයේ පදිංචිකරුවන් 4,600කට වැඩි බවත් වාර්තා වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉදිකිරීම් සමාගමක විධායක නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවටද ගෙන තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments