Homeසියලුම පුවත්හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් 11ක් අතුරුදන්

හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් 11ක් අතුරුදන්

හොරණ බටගොඩ – ගල්පාත ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 44 දෙනෙකු ආරක්ෂිතව මුදාගෙන ඇති අතර තවත් 7 දෙනෙකු රෝහල්ගත කර ප්‍රතිකාර ලබාදෙන බව පොලීසිය පවසයි.
කෙසේවෙතත්, ගින්නෙන් පසු පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වන අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
මේ අතර, ගින්නට හසුවූ කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවටද වාර්තා වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments