හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලින් ගාස්තු අය කිරීම සඳහා නීති සම්පාදනය කිරීමට ඉරාන පාර්ලිමේන්තුව පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරාන පාර්ලිමේන්තුවේ සිවිල් කටයුතු පිළිබඳ කමිටුවේ සභාපතිවරයා උපුටා දක්වමින් වාර්තා වන පරිදි, අදාළ පනත් කෙටුම්පත මේ වන විට සකස් කර ඇති අතර එය ඉක්මනින් නීති අංශය විසින් අවසන් කිරීමට නියමිතය.
මෙම යෝජනාවට අනුව, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවල ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් ගාස්තු අය කිරීම අවශ්‍ය බව එම නිලධාරියා සඳහන් කර ඇත.
තවද, අනෙකුත් ප්‍රවාහන මාර්ගවල මෙන්ම භාණ්ඩ රටක් හරහා ගමන් කරන විට බදු අය කිරීම සාමාන්‍ය ක්‍රියාවලියක් වන බවත්, එම හේතුවෙන් මෙම සමුද්‍ර මාර්ගය භාවිතා කරන නෞකාද ගාස්තු ගෙවීම ස්වාභාවික බවත් ඔහු පෙන්වා දී ඇත.
එමෙන්ම, දැනට පවතින යුද්ධ තත්ත්වයට විසඳුමක් ලෙස ඉරානය ඉදිරිපත් කළ කොන්දේසි අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය මත තම බලය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමද ඇතුළත් වන බව වාර්තා වෙයි.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලට ගාස්තු අය කිරීමට ඉරානයෙන් සැලසුම්

