Tuesday, March 10, 2026
Homeවීදෙස් පුවත්හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමට ප්‍රංශයෙන් නව පියවර

හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමට ප්‍රංශයෙන් නව පියවර

හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කර නාවික ගමනාගමනය සුරක්ෂිත කිරීම සඳහා නාවික හමුදා බලකායක් එම කලාපයට යෙදවීමට ප්‍රංශ ජනාධිපතිවරයා නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව මැදපෙරදිග ප්‍රදේශයට “චාල්ස් ඩි ගෝල්” ගුවන්යානා වාහක නෞකාව යොමු කිරීමටද ප්‍රංශය තීරණය කර තිබේ.
මෙම පියවරේ අරමුණ ලෙස හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහන් වේ.
පසුගියදා ඉරානයට එල්ල වූ අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවල පසුබිමක, හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය කටයුතු කළ අතර, එම තත්ත්වය ලෝක බලශක්ති වෙළඳපොළට දැඩි බලපෑමක් එල්ල කළ බවද වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments