පසුගිය සතියේදී කල්මේගි සුළිකුණාටුවෙන් දැඩි හානියකට ලක් වූ පිලිපීනයට අද (09) තවත් ප්රබල සුළිකුණාටුවක් ඇතුළු වීමට නියමිතය.
‘ෆුන්ග් වොන්ග්’ ලෙස නම් කරන ලද එම සුළිකුණාටුව අද රාත්රියේ පිලිපීනයේ අවුරෝරා පළාත වෙතින් ගොඩබිමට ඇතුළු වනු ඇති බව විදගත් මූලාශ්ර වාර්තා කරයි.
මේ වනවිට පිලිපීනයට ආසන්නව ඇති සාගර කලාපයකින් මෙම සුළිකුණාටුව වර්ධනය වෙමින් පවතින අතර, එහි බලපෑම් හේතුවෙන් නැගෙනහිර දිග පළාත් කිහිපයක තද සුළං සහ කුණාටු සහිත වැසි දැනටමත් ඇතිව තිබේ.
අධික බලපෑම් නිසා මේ වනවිටත් ලක්ෂයකට අධික පිරිසක් අවතැන්වී සිටින අතර, අධිකාරීවරුන් එම පිරිසන්ට ආරක්ෂිත ස්ථාන වෙත ස්ථානමාරු වීමට උපදෙස් ලබාදී ඇත.
එමෙන්ම, මීට පෙර ඇති වූ කල්මේගි සුළිකුණාටුව හේතුවෙන් 188 දෙනෙකු මියගොස් තවත් 135 දෙනෙකු තවමත් අතුරුදන් වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
‘ෆුන්ග් වොන්ග්’ සුළිකුණාටුව අද පිලිපීනයට ඇතුළු වෙයි

