Saturday, February 21, 2026
Homeදේශීයඅකුරේගොඩ වෙඩිතැබීමට සම්බන්ධ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

අකුරේගොඩ වෙඩිතැබීමට සම්බන්ධ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අම්බලන්ගොඩ ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හමුදාවෙන් පළා ආ අයෙකු බවට තොරතුරු වාර්තා වේ. නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඉලක්ක කරමින් ටී–56 වර්ගයේ තුවක්කුවෙන් වෙඩි තැබීම සිදු කර ඇත්තේ මෙම සැකකරු බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත.

මේ අතර, වෙඩි ප්‍රහාරයට පෙර සැකකරු පන්නිපිටියේ නවාතැන්පලකට රැගෙන ආ පුද්ගලයෙකු තායිලන්තයට පලාගොස් ඇති බවට තොරතුරු හෙළි වී තිබේ. කහදූව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු, මෙම ඝාතනය මෙහෙය වූ බව කියන “කරන්දෙණියේ සුද්දා” නමින් හඳුන්වන අපරාධකරුගේ සමීපතමයෙකු බව පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව වෙඩික්කරු ප්‍රවාහනය කළ මෝටර් රථය සහ රටින් පලාගිය පුද්ගලයා කුලී පදනම මත ලබාගත් මෝටර් රථය අද (21) පස්වරුවේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති අතර ශ්‍රී ලංකා පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments