56 වන ලෝක ආර්ථික සංසදයේ (WEF) වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (19) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියාය.
‘A Spirit of Dialogue’ තේමාව යටතේ පැවැත්වෙන මෙම රැස්වීම ජනවාරි 19 සිට 23 දක්වා Davos-Klosters හිදී පැවැත්වෙන අතර, රාජ්‍ය නායකයින්, ප්‍රමුඛ බහුජාතික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ තාක්ෂණ නවෝත්පාදකයින් ඇතුළු ගෝලීය නායකයින් 3,000කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය. සංචාරය අතරතුර ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවක් ද පැවැත්වේ.

