Thursday, February 12, 2026
Homeදේශපාලනඅඩු ආදියම්ලාභී පවුල්වල නිවාස ගැටලු විසඳීම සඳහා නව වැඩසටහනක්

අඩු ආදියම්ලාභී පවුල්වල නිවාස ගැටලු විසඳීම සඳහා නව වැඩසටහනක්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන සමුළුව පසුගියදා බත්තරමුල්ලේදී පැවැති අතර ලෝක ජනාවාස දිනයට සමගාමීව මෙම සමුළුව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සංවිධානය කර තිබිණ.
වසරේ අවසාන කාර්තුව ආරම්භයත් සමඟ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලවල ප්‍රගතිය මෙහිදි සාකච්ඡාවට ලක්කළ අතර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙරටේ අඩු ආදියම්ලාභී පවුල්වල නිවාස ගැටලු විසඳීම සඳහා සෙවණ ජාතික නිවාස, වැඩසටහන නමින් නව වැඩසටහනක් ආරම්භ කිරීම ගැන මෙහිදී අවධානය යොමුවිය.
අඩු ආදායම්ලාභි පවුල්වල තොරතුරු ප්‍රාදේශිය ලේකම් කාර්යාල හරහා ලබා ගනිමින් එම පවුල්වල තොරතුරු එකතු කර දත්ත ගබඩාවක් සකස් කිරීමට හා එම තොරතුරු පදනම් කර ගනිමින් ඔවුන්ගේ නිවාස ගැටලුවලට වෙනත් ආකාරයකින් විසඳුම් ලබාදීම මෙහි අරමුණ වේ.
ඒ සඳහා රජයේ මුදල් වැය නොකර පෞද්ගලික ධානපති ආධාර මත නිවාස ගැටලුවලට විසඳුම් ලබා ගැනීම අරමුණයි.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස වැඩබලන අමාත්‍ය තේනුක විදානගමගේ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි, උප සභාපති ලක්ෂ්මන් ගුණවර්ධන, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, සාමාන්‍යාධිකාරී කේ.ඒ. ජානක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, දිස්ත්‍රික් කළමනාකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

RELATED ARTICLES

Most Popular

Recent Comments