Sunday, December 21, 2025
Homeදේශපාලනඅත්‍යවශ්‍ය සේවා ගැන අතිවිශේෂ ගැසට්ටුවක්

අත්‍යවශ්‍ය සේවා ගැන අතිවිශේෂ ගැසට්ටුවක්

අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම්කරමින් වැඩබලන ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය වන එකී සේවාවන්ට අවහිරයක් හෝ බාධාවන් වියහැකි බව සැලකිල්ලට ගනිමින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව,

*විදුලිබල සැපයීම සම්බන්ධව සියලු සේවාවන්

*ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම

*රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සාමාන්‍ය ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය එලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments