Thursday, November 13, 2025
Homeweatherweatherඅදත් තද වැසි – කිහිප ප්‍රදේශවල මි.මී. 75 ඉක්මවූ වර්ෂාවක්

අදත් තද වැසි – කිහිප ප්‍රදේශවල මි.මී. 75 ඉක්මවූ වර්ෂාවක්

අද (09) පස්වරු 1.00 සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව, දකුණු, සබරගමුව, මධ්‍යම පළාත්වල සහ අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අමතරව, බස්නාහිර සහ දකුණු පළාත්වලටත් පුත්තලම දිස්ත්‍රික්කයටත් උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බවත් පැවසේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments