Monday, December 22, 2025
Homeweatherweatherඅදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

අද (24) බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

උතුරු හා උතුරු මැද පළාත්වලද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

එසේම මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට, බස්නාහිර, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට විටින් විට පැ.කි.මී. 40-50ක තද සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු නිසා අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments