අද (04) දිනයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර හා ඌව පළාත්වලටත්, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලටත් වැසි වැසීම් කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පස්වරු 1ට පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අවධානම වැඩිවේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තද වැසි පතන හැකිය.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු-මැද පළාත්වලත් කුරුණෑගල සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් පැවතිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ පැමිණිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් අනතුරු වැළැක්වීමට අවධානයෙන් පියවර ගැනීමටද දෙපාර්තමේන්තුව ඉල්ලයි.
අද කාලගුණය – දෙසැම්බර් 04

