Thursday, November 13, 2025
Homeweatherweatherඅද පස්වරු 2.00න් පසු ස්ථාන කිහිපයකට වැසි

අද පස්වරු 2.00න් පසු ස්ථාන කිහිපයකට වැසි

සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (04) පස්වරු 2.00ට පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ අනෙක් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර, මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වල සහ අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු අනතුරු අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments