අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නායයෑම් සහ භූමිය සෝදනා තත්ත්ව මත නවතා දැමූ රඹුක්කන – පේරාදෙණිය දුම්රිය ධාවනය අද (23) නැවත ආරම්භ කර ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ, කඩිගමුව – ඉහළ කෝට්ටේ අතර ස්ථාන දෙකකින් සහ ඉහළ කෝට්ටේ – බලන අතර ස්ථාන අටකින් සිදු වූ හානිවලින් ස්ථාන අටක් මෙතෙක් යථා තත්ත්වයට පත්කර ඇති බවයි.
ඉහළ කෝට්ටේ – බලන අතර ඉතිරි ස්ථාන දෙක නඩත්තු කටයුතු යටතේ පවතින අතර, අයහපත් කාලගුණය නිසා එම වැඩ ප්‍රමාද වී තිබේ.
ඒ අනුව අද (23) උදෑසන සිට මහනුවර – පොල්ගහවෙල සහ මහනුවර – කොළඹ කොටුව මාර්ගවල දුම්රිය ධාවනය නැවත ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

