අද ඡන්දය වෙනුවට උණ්ඩය රජකරවන බවත් කඩුව බයිනේත්තුව උණ්ඩය රජ වී ඝාතන රැල්ලක් ඇති වී මිලේච්ඡත්වය රජ වී ඇති බවත් පළාත් පාලන ආයතනවල සභාපතිවරයාට මහජන දිනයක් පවත්වන්න අධිකරණයේ නඩුවක් අහන්න බැරි බවත් රජයේ දුර්වලතාව හා අකාර්යක්ෂමතාව තුළ මිනිමරුවන්ට කුඩුකාරයන්ට රට විවෘත කර ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන ආසනයේ උඩවෙල කොට්ටාසයේ පැවති ව්පක්ෂයක ජංගම සේවය හා සාමාජික ප්‍රවර්දන වැඩසටහන හා එක් වෙමිනි.
අද වන විට රටේ නීතියේ ආධිපත්‍යය ශක්තිමත් විය යුතු බවත් කැලැ නීතිය නැති කර ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කළ යුතු බවත් අද අස්වැසුම දෙන්නේ යාළු හිතවත්කම්වලට බවත් එදා ඇඟලුම් කම්හල් ආරම්භ කරන විටත් ඒවා පුලුස්සන්න උත්සාහ කළ පිරිසක් සිටි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
2019, 2024 ජනාධිපතිවරණවලින් ජනතා අපේක්ෂා ඉටු වුණාද?
2019 සහ 2024 ජනාධිපතිවරණයක් පැවැත්වු බවත් 2019 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය වෙනස් වුවා නම් රටේ තත්ත්වය මීට වඩා සුබවාදීද නැද්ද ගෙවල්,පාරවල්,කර්මාන්තශාලා හැඳි ජන ජීවිත සුරක්ෂිත වී ප්‍රශ්න අඩුවන බවත් 2024 ජනාධිපතිවරණයේදී ජවිපේ ක්රමයේ වෙනසක් කරනවා කියා බලයට ආවත් ඒ දේ වුනාද කියා ප්‍රශ්න කරන බවත් විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වත් එය නොවූ බවත් දැන් පොහොර සහනාධාරය වී වගාවට පමණක් දුන්නත් එයද හරියට නොලැබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අද වන විට ජන ජීවිත කඩා වැටිලා
අද වන විට ජන ජීවිත කඩා වැටී ගෘහයේ ආර්ථිකය බිද වැටී එන්න එන්න ජනතාව දුප්පත් වුවත් සමහර මාධ්‍ය තුළින් නම් අහන්න ලැබෙන්නේ ආර්ථිකය වේගවත්ව ඉදිරියට යන බවත් ඒ මාධ්‍ය කියන වේගවත් ඉදිරියට යාමේ ප්‍රතිඵල හා ප්රතිලාභ ජනතාවට දැනිය යුතු වුවත් ජනතාව මූලික කර ගත් ජනතාව ඇතුළු කර ගත් ආර්ථික වර්ධනයක් සිදු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
රටෙන් 50%ක් දුප්පත්
මේ යන විහිදට නම් ජන දුක වැඩි වී ඇති බවත් දුප්පත්කම ගැන සිදු කරන ලද සමීක්ෂණයකට අනුව රටේ ජනගහනයෙන් 50%ක් දුප්පත් බවත් මුදල් ඉතිරි කිරීම ආයෝජනය නිෂ්පාදනය අපනයනය කළ නොහැකි බවත් ඇත්ත කතාව නම් සමහර මාධ්‍ය තුළ කතා වෙන ආර්ථික සංවර්ධන ජනතාවට දැනී නැති බවත් සිදුව ඇත්තේ ප්රජාතන්ත්රවාදය විනාශවී අදහස් පළ කිරීමේ නිදහස සීමා වීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ දූපත් මානසිකත්වයෙන් මිදිය යුතුයි
අද අප රටට ඩොලර් ගෙන එන ඇඟලුම් කර්මාන්ත ශාලා හා අපනයනවලට මරු පහරක් එල්ල වන බවත් අපනයන ක්ෂේත්රයේ ලතින් ඇමරිකානු දකුණු ඇමරිකානු අප්‍රිකානු වෙළෙඳපොළ අහිමි වී ඇති බවත් මේ දූපත් මානසිකත්වය තුළ කොටුපවුරු බැඳගෙන අපි තමයි හොදටම කළේ කිය කියා සිටි නිසා මේවා සිදු වූ බවත් ගෝලීය වශයෙන් සිතා අනිකුත් රටවල් සමග තරඟ කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සක්වළ වැඩසටහනට පහර ගැසු අය අද ලෝකය ඉදිරියේ ඉංග්‍රීසි බැරිව අසරණ වෙලා
ලෝකය ජය ගන්න නම් රටේ අධ්‍යාපනය නවීකරණය කර නූතනවාදී කළ යුතු බවත් එදා තමා සක්වළ වැඩසටහන හරහා ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය සුහුරු අධ්‍යාපනය කියා දෙන විට විහිලු කළ අය අද ලෝකය ඉදිරියේ විහිලුවක් වී ඇති බවත් දුෂ්කර පාසල්වලට යමක් දෙන විට සමහර ඇති හැකි අය අකැමැති බවත් මේ අය ඔවුන්ගේ දරුවන්ට ජාත්‍යන්තර අධ්‍යාපනය ලබා දී ගමේ පාසල්වලට සම්පත් දෙන විට එයට විරුද්ධ බවත් මෙවැනි කුහකකම් අනුමත කළ නොහැකි බවත් නිර්ධන පන්තිය ගැන කතා කළ වත්මන් ආණ්ඩුව අද පාසල් වහන්න හදන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය
