Friday, January 23, 2026
Homeදේශීයඅද සිට පාසල් යලිත් ඇරඹෙයි

අද සිට පාසල් යලිත් ඇරඹෙයි

අද දින(25) සිට දිවයිනේ සියලු ප්‍රදේශ වල පාසල් ආරම්භ වන අතර සතියට දින තුනක් පාසල් පැවැත්වීමට අධ්‍යාපන අමාත්යංශය විසින් ක්‍රියාමාර්ග ගෙන ඇත. සතියේ ඉතිරි දින දෙක මාර්ගගත ක්‍රමය ඔස්සේ නිවසේ සිට අධ්‍යාපන කටයුතු වල නිරත වීමට පාසල් විසින් ක්‍රියාමාර්ග ගෙන ඇත.

කෙසේ නමුත් නැවත දැනුම් දෙන තුරු සඳුදා, අගහරුවාදා සහ බ‍්‍රහස්පතින්දා පාසල් පැවැත්වීමටයි අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් දී ඇත.

ඉතිරි දින වන බදාදා සහ සිකුරාදා දිනවල දී සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විය හැකි ක්‍රියාකාරකම් ලබා දෙනු ඇත.

නැතහොත් මාර්ගගතව ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments