Friday, January 23, 2026
Homeදේශීයඅද සිට සතියේ දින පහේම පාසල් පැවැත්වෙයි

අද සිට සතියේ දින පහේම පාසල් පැවැත්වෙයි

රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් අද (15) සිට සතියේ දින පහම සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා.

ප්‍රවාහන පහසුකම් අඩුවීම නිසා යම් ගැටලුවලට මුහුණදුන් ගුරුවරුන්ට හා දරුවන් සම්බන්ධයෙන් සහනදායි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස විදුහල්පතිවරුන්ට දන්වා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඉන්ධන හිඟය මත ඇති වූ අපහසුතාව මත කොළඹ අධ්‍යාපන කලාපයේ සහ සෙසු පළාත්වල නගරබද පාසල් ජූනි 27 වැනිදා සිට සතියට දින 3ක් පමණක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර පියවර ගෙන තිබූණා.

RELATED ARTICLES

Most Popular

Recent Comments