Sunday, January 18, 2026
Homeදේශපාලනඅධ්‍යාපනයට අයවැයෙන් වැඩි සහන – මහපොළ දීමනාව ඉහළට

අධ්‍යාපනයට අයවැයෙන් වැඩි සහන – මහපොළ දීමනාව ඉහළට

2026 අයවැයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල සහන මාලාවක් ලබාදී ඇත.
විශ්වවිද්‍යාල සිසුන්ට ලබාදෙන මහපොළ දීමනාව රු. 10,000ක් දක්වා,
ශිෂ්‍යාධාර දීමනාව රු. 9,000ක් දක්වා ඉහළ නැංවේ.

අඩු ආදායම් පවුල්වල හා ආබාධිත දරුවන් සඳහා ද මාසික දීමනා ලබාදීමට යෝජනා කර ඇත.
විශ්වවිද්‍යාල නේවාසිකාගාර, ආපනශාලා හා ඉගෙනුම් පහසුකම් දියුණු කිරීමටද විශාල මුදල් වෙන් කර තිබේ.

වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කිරීමට රු. මිලියන 8,000ක් වෙන් කර ඇති අතර,
නව විෂය පාඨමාලා හා පුහුණු මධ්‍යස්ථාන සංවර්ධනය මෙවර අයවැයේ විශේෂ අරමුණකි.

RELATED ARTICLES

Most Popular

Recent Comments