මෙම දිනවල පවතින දැඩි මීදුම් තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනය කරන රියදුරන්ට වැඩි අවධානයක් යොමු කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙයි.
රථ ධාවනය කරන අවස්ථාවේ ඉදිරිපස විදුලි පහන් දල්වාගෙන, වාහන අතර ප්‍රමාණවත් පරතරයක් තබාගෙන ධාවනය කිරීමට රියදුරන්ට උපදෙස් ලබා දී ඇත.
එමෙන්ම, පාලනය කළ හැකි වේගයකින් පමණක් රිය ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට අවධාරණය කරයි.

