Saturday, January 24, 2026
Homeදේශපාලනඅධි ආරක්‍ෂිතව තිබු ඉරාක පාර්ලිමේන්තුව අරගලකරුවන් අත්පත් කරගනී

අධි ආරක්‍ෂිතව තිබු ඉරාක පාර්ලිමේන්තුව අරගලකරුවන් අත්පත් කරගනී

නව අග්‍රාමාත්‍යවරයෙකු නම් කිරීමට වැඩබලන අගමැති මුස්තාපා අල් කදීම් තීරණය කිරීමත් සමඟ ඊට විරෝධය පළ කරමින් විපක්ෂ ක්‍රියාකාරීන්ද ඇතුළු සිවිල් වැසියන් දහස් ගණනක් ඉරාක පාර්ලිමේන්තුවට කඩා වැදී එය අත්පත් කර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරානයේ සහය ලබන දේශපාලන පක්ෂ විසින් ඉරාකයේ අග්‍රාමාත්‍ය තනතුර සඳහා අපේක්ෂකයෙකු තෝරා ගැනීමට එරෙහිව මේ වන විට ඉරාකයේ දැවැන්ත විරෝධතාවයක් දියත් වෙමින් තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේදී ඉරාක විරෝධතාකරුවන් දහස් ගණනක් එරට බැග්ඩෑඩ් අගනුවර පිහිටි පාර්ලිමේන්තුවට කඩා වැදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඉරාකයේ වෙසෙන බලවත් ආගමික නායකයෙකු වන Muqtada al-Sadr ගේ අනුගාමිකයින් සහ ඔහුට පක්ෂපාතිත්වය දක්වන පිරිස් ඉරානයට එරෙහිව විරෝධතා පාඨ කියමින් ඉරාක පාර්ලිමේන්තුව ඇතුළු විදෙස් තානාපති කාර්යාල පිහිටා ඇති අධි ආරක්‍ෂිත කලාපයට ඇතුළු වී තිබුණා.

සිදුවීම වන අවස්ථාවේදී කිසිදු නීති මන්ත්‍රිවරයෙකු පාර්ලිමේන්තුව තුල නොසිටි බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ ආරක්ෂක හමුදා පමණක් සිටි අතර ඔවුන් විරෝධතාකරුවන්ට කිසිදු බාධාවකින් තොරව ඊට ඇතුළු වීමට ඉඩ සලසන බවක් පෙනෙන්නට තිබුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඔක්තෝම්බර් මාසයේදී ඉරාක මැතිවරණය පැවැත්වීමෙන් පසු ඇති වූ විශාලතම විරෝධතාව මධ්‍යයේ මෙම කඩ කිරීම සිදු වුණා.

ඉරානයේ පිටුබලය ලබන ෂියා පක්ෂ සහ ඔවුන්ගේ අනුගාමිකයින් විසින් නායකත්වය දෙන සභාගයක් වන සම්බන්ධීකරණ රාමු කන්ඩායමේ නිල අපේක්ෂකයා ලෙස මොහොමඩ් අල්-සුඩානි මෑතදී නම් කිරීමට විරෝධය පළ කරමින් උද්ඝෝෂකයෝ මෙලෙස විදි බැස විරෝධතාවයේ නිරතවනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments