Friday, January 23, 2026
Homeදේශීයඅනතුරෙන් මියගිය නිලධාරියා වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක්

අනතුරෙන් මියගිය නිලධාරියා වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක්

කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ නිරතවී සිටියදී මෝටර් රථයකට යටවීමෙන් ජීවිතක්ෂයට පත් පොලිස් සැරයන් මනෝජ් ප්‍රියංකර මහතා වෙනුවෙන් ඔහුගේ දෙමව්පියන් වෙත මූල්‍ය ආධාරයක් පිරිනමා තිබේ.

මෙම නිලධාරියාගේ දෙමව්පියන්ව ඊයේ (06) පොලිස් මූලස්ථානය වෙත කැඳවා රුපියල් 103,808ක් සහ රුපියල් 125,000ක මුදලක් ප්‍රදානය කර ඇත.

අදාළ නිලධාරියා ජීවත්ව සිටිමින් සේවයේ සිටියා සේ සලකා රජයේ සියලු වැටුප් වැඩිවීම්, වැටුප් පරිවර්තන, වැටුප් වර්ධක සහිතව වයස අවුරුදු 55 දක්වා මාසික වැටුප් හා දීමනා ලබාදීමට පොලිස්පතිවරයා විසින් කටයුතු සිදුකර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments