Friday, January 16, 2026
Homeදේශීයඅපරාධවලට සම්බන්ධ තවත් පුද්ගලයින් 27 දෙනෙකු හඳුනාගනී

අපරාධවලට සම්බන්ධ තවත් පුද්ගලයින් 27 දෙනෙකු හඳුනාගනී

දිවයින පුරා ක්‍රියාත්මක වන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ, විවිධ අපරාධවලට සෘජුව සම්බන්ධ වූ තවත් පුද්ගලයින් 27 දෙනෙකු හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙම මෙහෙයුමට අදාළ අත්අඩංගුවට ගැනීම් ඊයේ (05) දිනයේදී සිදුකර ඇති අතර, එදින පුද්ගලයින් 28,636 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

ඒ අනුව විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 548 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 142 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම බීමත්ව රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 421 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරික්ෂාකාරී රිය පැදවීම් සඳහා අත්අඩංගුවට ගැනීම් 41ක් සිදුකර ඇති බවද පොලීසිය සඳහන් කරයි.

ඊට අමතරව, වෙනත් රථවාහන වැරදි 4,585ක් වාර්තා වී ඇති බව පොලිස් වාර්තා පෙන්වා දෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments