Friday, January 16, 2026
Homeදේශපාලනඅපි මේ ආණ්ඩුවේ බොරු චෝදනාවලට බය නෑ - නාමල්

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනාවලට බය නෑ – නාමල්

වත්මන් ආණ්ඩුව මැතිවරණ සමයේ ජනතාවට දුන් කිසිදු පොරොන්දුවක් ඉටු කර නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

ඔහු පැවසුවේ, ගොවීන්ට හා උපාධිධාරීන්ට එරෙහිව සිදුවන අසාධාරණයන් හේතුවෙන් ජනතාව දැන් විවෘත ලෙස ආණ්ඩුවට විරුද්ධ වන බවයි.

නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය හමුව අමතා  කියා සිටියේ,

“අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනාවලට බය නෑ. ආණ්ඩුවේ බොරු පොරොන්දු වලට රැවටුණු සියලු පක්‍ෂයන් 21 වනදා නුගේගොඩට පැමිණ අපමනින් විරෝධය පළ කරන්න” යනුවෙනි.

ඒ අනුව, ආණ්ඩුවට එරෙහි සියලු පාර්ශවයන්ට නොවැම්බර් 21 දින නුගේගොඩ විරෝධතාවයට එක්වීමට ඔහු ආරාධනා කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments