Monday, December 22, 2025
Homeසියලුම පුවත්අපි හැමෝටම සමානව සලකන්න - යළි විශ්වාසභංගයක් ගේන්න ඉඩ තියන්න එපා!

අපි හැමෝටම සමානව සලකන්න – යළි විශ්වාසභංගයක් ගේන්න ඉඩ තියන්න එපා!

අපි හැමෝටම සමානව සලකන්න – යළි විශ්වාසභංගයක් ගේන්න ඉඩ තියන්න එපා!

මේ පාර්ලිමේන්තු කාලය තුළ දී යළි විශ්වාසභංගයක් ගෙන ඒමට නොලැබේවා යැයි තමන් ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවස‍යි.

අද (17) පාර්ලිමේන්තුවේ දී තේරී පත්වුණු නව කථානායකවරයාට සුබ පතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේ ව්‍යවස්ථාදායක නියෝජනය කරන 225 ක් වූ මන්ත්‍රී මණ්ඩලයට තම මහජන සේවය ඉහළ ගුණාත්මක භාවයකින් ඉටු කිරීමට කථානායකවරයාගේ දායකත්වය අතිශයින්ම වැදගත් බවයි.

එම අවස්ථාවේ දී ඔහු මෙසේ ද පැවසීය.

“ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා ලෙස ව්‍යවස්ථාදායකය තුළින් වඩා පරිණත ප්‍රශස්ත සේවාවක් රටේ ජනතාවට සිදුකරන ගමනේදී ඔබ සතුව සුවිශේෂී කාර්යභාරයක් තිබෙනවා.

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ හැම මන්ත්‍රීවරයෙකුටම එක හා සමානව සලකමින් ඔවුන් හැම දෙනාම නියෝජනය කරන මතයට ඉඩකඩ ලබා දී ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන පුරුකක් බවට ඔබතුමා පත් වෙනවා”

අපිට සිදුවුණා හිටපු කතානායකට විරුද්ධව විශ්වාසභංගයකට මුල පුරන්න. මේ පාර්ලිමේන්තු කාලය තුළ දී එවැන්නක් යළි ක්‍රියාත්මක කරන්නට ඉඩ නොලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. අපට අවශ්‍ය ස්ථාවර රටක්. ශක්තිමත් රටක්”

RELATED ARTICLES

Most Popular

Recent Comments