Tuesday, January 27, 2026
Homeදේශීයඅම්බලන්ගොඩ කෝසල ඝාතනයට හිටපු පොලිස් ප්‍රධානියෙකුගේ නාමයත් ඇදෙයි

අම්බලන්ගොඩ කෝසල ඝාතනයට හිටපු පොලිස් ප්‍රධානියෙකුගේ නාමයත් ඇදෙයි

අම්බලන්ගොඩ වෙළෙඳ ප්‍රදර්ශනාගාර කළමනාකරු කෝසලගේ ඝාතනය සිදුකළ වෙඩික්කරු සහ යතුරුපැදිකරු, හිටපු පොලිස් ප්‍රධානියෙකුට අයත් බව කියන මහනුවර අංකුඹුර ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවසක රැඳීසිටිමින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

පොලිස් කණ්ඩායම් එම නිවසට පැමිණෙන අවස්ථාවේදී සැකකරුවන් පලාගොස් සිටි බව ද වාර්තා වේ.

පසුගිය දෙසැම්බර් 22 වැනිදා අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳ ප්‍රදර්ශනාගාරයක් තුළදී කළමනාකරුවෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී පොලිස් විශේෂ කාර්ය බලකාය කිරිබත්ගොඩ හා මාකොළ ප්‍රදේශවලදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් වෙඩික්කරුවන්ට පලායාම සඳහා ප්‍රවාහන පහසුකම් ලබා දුන් බවත්, විදෙස්ගතව සැඟව සිටින කරන්දෙණිය සුද්දාගේ උපදෙස් මත කටයුතු කළ බවත් හෙළි කර ඇත.

ඉන් අනතුරුව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඝාතනය සඳහා ගිනිඅවි සැපයූ කාන්තාවද ඒ අතර සිටින බව පොලිසිය පවසයි.

මෙම ඝාතනය කොස්ගොඩ සුජී, ගොත අංසක, කරන්දෙණිය සුද්දා ඇතුළු අපරාධ කණ්ඩායමක් එක්ව සිදුකර ඇති බවත්, ඝාතනය වූ කෝසල කොස්ගොඩ සුජීගේ ප්‍රධාන ප්‍රතිවාදියෙකු සමඟ සමීප සබඳතා පැවැත්වීම ඝාතනයට හේතුව වී ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments