Thursday, November 20, 2025
Homeදේශීයඅමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ වැඩි ඡන්දයෙන් සම්මතයි

අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ වැඩි ඡන්දයෙන් සම්මතයි

2026 වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේ දෙවැනි දිනය වූ අද (17) විවාදයට ගත් අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ සංශෝධන රහිතව වැඩි ඡන්දයෙන් සම්මත විය.

සම්මත වූයේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ වැය ශීර්ෂයයි.

විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සඳහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටියි ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා. එහිදී පක්ෂව ඡන්ද 87ක් සහ විපක්ෂව 7ක් ලැබීමෙන් වැය ශීර්ෂය වැඩි ඡන්ද 80කින් සම්මත විය.

එමඟින් එම අමාත්‍යාංශයට අදාල වියදම් අංග කාරක සභාව මඟින් අනුමත කරගැනීමට අවශ්‍ය බහුතරය ලැබුණි.

අද විවාදයට ගත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ වැය ශීර්ෂයද එලෙසම වැඩි ඡන්ද 80කින් සම්මත විය. මේ සඳහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේ තමිල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදනෙකු වන ෂානක්කියන් රාසමාණික්කම් සහ ජී. ජී. පොන්නම්බලම් ය.

ඡන්ද විමසීමේදී මෙම වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 87ක්ද විපක්ෂව ඡන්ද 7ක්ද ලැබුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments