Saturday, December 13, 2025
Homeව්‍යාපාරිකඅමුද්‍රව්‍යවල අධික මිල-විදුලි ගාස්තු-ඉන්ධන මිල ඉහළයි! ගිය අවුරුද්දේ කර්මාන්ත ශාලා-සේවා ස්ථාන 2000ක්...

අමුද්‍රව්‍යවල අධික මිල-විදුලි ගාස්තු-ඉන්ධන මිල ඉහළයි! ගිය අවුරුද්දේ කර්මාන්ත ශාලා-සේවා ස්ථාන 2000ක් වැහෙයි! පන්ලක්ෂ තිස්තුන්දාහකට රස්සා නැතිවෙයි!

විවිධ කර්මාන්ත ශාලා සහ සේවා ස්ථාන දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් වැසීම යෑම හේතුවෙන් පන්ලක්ෂ තිස් තුන් දහස් අටසිය පනස් අටකට ( 533858) ගිය වසරේදී රැකියා අහිමිවී ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තා ඇතුළු විවිධ තොරතුරු වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

මෙසේ රැකියා අහිමි වූ පිරිසට කර්මාන්ත අංශයේ තුන්ලක්ෂ අනූ හය දහස් එකසිය පනස් නව දෙනෙක්ද සේවා අංශයේ එක් ලක්ෂ තිස් හත්දාස් හයසිය අනූ නව දෙනෙක්ද ඇතුළත් වෙති.

මේ අතර පසුගිය වසරේදී පුද්ගලයන්ගේ වැඩ කරන පැය ගණනද සැලකිය යුතු ලෙස අඩු වී ඇතැයි එම වාර්තාවල දැක්වෙන බව මහාචාර්යවරයා කීවේය.

පසුගිය වසරේ පළමු කාර්තුව තුළ සේවා නියුක්ත පිරිසෙන් සියයට 66.1 ක් පැය 40 හෝ ඊට වඩා වැඩි පැය ගණනක් වැඩ කර ඇති නමුත් එම වර්ෂයේ හතරවැනි කාර්තුවේදී පැය 40 හා ඊට වඩා වැඩියෙන් වැඩ කළ ප්‍රමාණය සියයට 61.7 ක් දක්වා අඩුවී ඇති බවද වසන්ත අතුකෝරළ මහතා කීවේය.

මේ අතර එම වර්ෂයේදී ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතය (ශ්‍රම බලකායට සහභාගීවන ප්‍රමාණය) සියයට51.2 සිට සියයට 48.9 ක් දක්වා අඩුවී ඇතැයි පෙන්වා දෙන මහාචාර්යවරයා වයස අවුරුදු 20-29 අතර තරුණ පිරිස්වල රැකියා නැතිකම (සේවා වියුක්තිය) සියයට 14.2 සිට සියයට 17.2 දක්වා වැඩිවී ඇතැයිද එම වාර්තාවල දැක්වෙන බව සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට කම්හල් බොහොමයක් වැසී ගොස් ඇත්තේ අමුද්‍රව්‍යවල අධික මිල, විදුලි ගාස්තු සහ ඉන්ධන මිල ඉහළ යෑම යනාදී හේතු නිසාය

RELATED ARTICLES

Most Popular

Recent Comments