‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය කළමනාකරණයට සහාය දීමට අමෙරිකානු ගුවන් හමුදාවේ ‘C-130J’ සුපර් හර්කියුලීස් ගුවන් යානා 2ක් අද (07) පස්වරුවේ කටුනායකට පැමිණියේය.
36 වන හදිසි ප්‍රතිචාර කණ්ඩායමේ (CRG) ගුවන් භටයින් එක්ව මෙසේ ශ්‍රී ලංකාවට පැමිණි අතර, මෙම යානා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරන ප්‍රදේශවලට අත්‍යාවශ්‍ය භාණ්ඩ, උපකරණ හා සේවා ඉක්මනින් ප්‍රවාහනයට සහ සැපයුමට යොදවීමට නියමිතය.
අමෙරිකානු ‘C-130J’ සුපර් හර්කියුලීස් යානා 2ක් කටුනායකට

