Thursday, November 13, 2025
Homeදේශීයඅඹුසැමි යුවළක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

අඹුසැමි යුවළක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

දිවුලපිටිය මරදගහමුල ප්‍රදේශයේ අඹුසැමි යුවළක්, දිවුලපිටිය පොලිස් ස්ථානයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සමත්ව මත්ද්‍රව්‍ය ජාවාරමක් පවත්වාගෙන ගිය බවට සොයාගෙන අත්අඩංගුවට ගෙන ඇත.

පිරිමි පුද්ගලයා සතුව හෙරොයින් ග්‍රෑම් 11.98ක්, කාන්තාව සතුව අයිස් මිලිග්‍රෑම් 5100ක් සොයාගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් සදහන් කරයි.

විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, අඹුසැමි යුවළක් කාලයක් තිස්සේ දිවුලපිටිය, කටුවැල්ලේගම, දූනගහ, අලුතෑපොල, මරදගහමුල, නෙල්ලිගහමුල, නිල්පනාගොඩ සහ මිනුවන්ගොඩ ප්‍රදේශවල මත්ද්‍රව්‍ය සපයමින් පැවති බවයි.

අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයා අද (8) මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කරන ලදී. ඔහුට රැඳවුම් නියෝග නිකුත් කර ප්‍රශ්න කිරීම සිදුකෙරෙයි, කාන්තාව රක්ෂිත බන්ධනාගාරයේ තබා ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments