Sunday, March 1, 2026
Homeවිදේශීයඅයතුල්ලා අලි කමේනි  ඝාතනය වූ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය අනාවරණය කරයි

අයතුල්ලා අලි කමේනි  ඝාතනය වූ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය අනාවරණය කරයි

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මහතා ඝාතනයට ලක්වූ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පළමු වරට අනාවරණය කර තිබේ.

ඉරාන මාධ්‍ය වාර්තා අනුව මෙම ප්‍රහාරයෙන් ඔහුගේ දියණිය, බෑණා සහ මුනුපුරා ද ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්ය.

Fars News Agency වාර්තා කර ඇත්තේ ඊයේ දිනයේ ඔහුට පවරා තිබූ රාජකාරි ඉටු කරමින් සිටියදී කමේනි මහතා ඔහුගේ කාර්යාලයේදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති බවය.

මෙම සිද්ධියෙන් අනතුරුව ඉරානය දින 40ක මහජන ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ද තීරණය කර ඇති බව එරට මාධ්‍ය සඳහන් කරයි.

මින් පෙර Benjamin Netanyahu සහ Donald Trump විසින් අලි කමේනි ඝාතනය වූ බවට අදහස් පළ කළද, එම අවස්ථාවේදී ඉරාන බලධාරීන් එය ප්‍රතික්ෂේප කර තිබුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments