2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව අද (07) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද පස්වරු 1.30ට අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය විවාදය හෙට (08) සිට දෙසැම්බර් 5 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර, දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 වන සිකුරාදා පස්වරු 6ට සිදුකෙරෙනු ඇත.
අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 15 සිට දින 17ක් පුරා පැවැත්වීමෙන් පසු, අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 5 වන දින පස්වරු 6ට පැවැත්වීමට නියමිතය.
අයවැය කාලසීමාවේදී රජයේ නිවාඩු දින හා ඉරිදා හැර සෑම දිනකම අයවැය විවාදය පැවැත්වෙන බවද පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසා ඇත.
2026 වසර සඳහා රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434ක් වන අතර, ඒ මධ්‍යයේ වැඩිම මුදල් ප්‍රමාණයක් — රුපියල් බිලියන 634ක් — මුදල් අමාත්‍යාංශයට වෙන්කර ඇත.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට රු. බිලියන 618ක්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට රු. බිලියන 596ක්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට රු. බිලියන 554ක්, සහ ආරක්ෂක අමාත්‍යාංශයට රු. බිලියන 455ක් වෙන් කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයට රු. බිලියන 301ක් වෙන්කර ඇති අතර, ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය රු. බිලියන 11ක් ලෙස සඳහන්ය — 2025 වසරට වෙන් කළ මුදලට (රු. බිලියන 2.7) වඩා බිලියන 8ක පමණ වැඩි වීමක්.
සංවර්ධන වැඩසටහන් සඳහා රු. බිලියන 8.29ක් හා විශ්‍රාම වැටුප් සඳහා රු. බිලියන 488ක් වෙන් කර ඇති අතර, වියදම් පියවා ගැනීමේදී දේශීය හා විදේශීය ණය සීමාව රු. බිලියන 3,800ක් ලෙස සීමා කර ඇත.
අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වේ

