Thursday, November 13, 2025
Homeදේශපාලනඅයවැය විවාදයේ දෙවන දිනය අද

අයවැය විවාදයේ දෙවන දිනය අද

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අද (10) පැවැත්වේ.

මෙම විවාදය දිනයන් 6ක් පැවැත්වීමට නියමිත අතර, ඡන්ද විමසීම නොවැම්බර් 14 වැනි සිකුරාදා පස්වරු 6.00ට සිදුකෙරේ.

තෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් 15 සිට දින 17ක් පුරා පැවැත්වී, ඡන්ද විමසීම දෙසැම්බර් 5 වැනිදා පස්වරු 6.00ට සිදුකෙරෙනු ඇත.

2026 වසර සඳහා රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434ක් වන අතර, වැඩිම මුදල වෙන් කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයට — රු. බිලියන 634කි.

ඊට අමතරව පළාත් පාලන අමාත්‍යාංශයට රු. බිලියන 618ක්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට රු. බිලියන 596ක්, සෞඛ්‍ය අමාත්‍යාංශයට රු. බිලියන 554ක්, ආරක්ෂක අමාත්‍යාංශයට රු. බිලියන 455ක්, සහ අධ්‍යාපන අමාත්‍යාංශයට රු. බිලියන 301ක් වෙන්කර තිබේ.

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය රු. බිලියන 11ක් වන අතර, එය පසුගිය වසරට වඩා බිලියන 8කින් වැඩි වීමකි.

අමතරව, විශ්‍රාම වැටුප් සඳහා රු. බිලියන 488ක් වෙන්කර ඇති අතර, උපරිම ණය සීමාව රු. බිලියන 3,800ක් ලෙස දක්වා ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments