Monday, December 22, 2025
Homeදේශීයඅයහපත් කාලගුණයෙන් බෝගවලට සිදුවූ හානි ගණනය කිරීම් ආරම්භය

අයහපත් කාලගුණයෙන් බෝගවලට සිදුවූ හානි ගණනය කිරීම් ආරම්භය

අධික වර්ෂාවන් හේතුවෙන් රටේ විවිධ ප්‍රදේශවල බෝගවලට — විශේෂයෙන් වී වගාවන්ට — සිදුවූ හානිය පිළිබඳ ගණනය කිරීමේ කටයුතු කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ආරම්භ කර තිබේ.

මණ්ඩලය සඳහන් කරන්නේ, මේ වන විට වී වගා කටයුතු ආරම්භක අවධියේ පමණක් පවතින බැවින්, අධික වර්ෂාව හේතුවෙන් විශාල වී හානි වාර්තා වී නොමැති බවයි.

එසේම, නොමිලේ රක්ෂණ ආවරණය ලැබෙන අනෙකුත් බෝගවලටද මෙතෙක් නිශ්චිත හානි වාර්තා නොලැබී ඇති බව ද මණ්ඩලය පවසයි.

කෙසේ වෙතත්, මණ්ඩලයේ නිලධාරීන් මේ වන විට ගොවි ජනතාව සමඟ සෘජුව සම්බන්ධ වෙමින්, බෝගවලට සිදුවූ හානි පිළිබඳ තොරතුරු එකතු කරමින් සහන ලබාදීම සඳහා අවශ්‍ය වැඩසටහන් සැකසමින් සිටින බව ද සඳහන් කෙරේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments