Sunday, December 14, 2025
Homeදේශීයඅරලියගහ මැදුරේ දෙපිරිසක් අතර ගැටුමක්

අරලියගහ මැදුරේ දෙපිරිසක් අතර ගැටුමක්

කොළඹ කොටුව අරලියගහ මන්දිරය තුළදී අරගලකරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයන් දස දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

පිරිමි පුද්ගලයන් නම දෙනකු සහ කාන්තාවක ද ඒ අතර වන බව ඔහු පැවසීය. මෙම ගැටුම හේතුවෙන් තුවාල ලැබූ කාන්තාවගේ ගෙල ප්‍රදේශය කැපී ඇතිබව ද රෝහල් ආරංචිමාර්ග පවසයි.

මේ පිළිබඳ කොල්ලූපිටිය පොලිසියෙන් කළ විමසීමේ දී, ගැටුමක් ඇති වෙලා තිබෙන බවත් විමර්ශන කටයුතු සඳහා තව නොබෝ වේලාවකින් එම ස්ථානයට නිලධාරීන් පිටත් කර හරින බවත් එහි නිලධාරයෙක් කීය.

තුවාල ලැබුවන් ජාතික රෝහලට ඇතුළත් කර ඇත්තේ, අද අලුයම 2.45 ට පමණය.

RELATED ARTICLES

Most Popular

Recent Comments