රුපියල් ලක්ෂ 05ක අල්ලසක් ලබා ගත් බවට සැකකරන කුච්චවේලි ප්‍රාදේශීය සභාපති අයියනප් පිල්ලෙ මුබාරක්ගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.
ඒ අනුව ඔහු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරලම මහතා නියෝග කළේය.
එහෙත් සැකකරුගේ රියදුරු මොහොමුදු මුස්තාපා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය අනුමැතිය ලබාදී ඇති අතර, ඔහුට විදේශ ගමන් තහනමක්ද පනවනු ලැබීය.
අල්ලස් ගත් කුච්චවේලි සභාපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

