අල, ලූනු සහ බඩඉරිඟු වගාකරන දේශීය ගොවීන්, නිසි මිලක් නොමැතිව දැඩි ආර්ථික පිඩාවකට පත්ව සිටිති.
රජය සතොස හරහා ලොකු ලූනු රු.140කට මිලදී ගැනීමට පියවර ගෙන ඇති නමුත්, ගොවීන් අවම වශයෙන් රු.200ක මිලක් ඉල්ලා සිටිති.
ඒ අතර, මැදවච්චිය – සංගිලිකනදරාව ප්‍රදේශයේ බඩඉරිඟු වගාකරන ගොවීන් පෙන්වා දෙන්නේ, භෝග අලෙවි කිරීම සඳහා නිලධාරීන්ගෙන් සහය නොලැබීම නිසා තමන් අසීරුතාවයට පත්ව ඇති බවය.
එසේම, අර්තාපල් ගොවීන් පවසන්නේ මෙවර යල කන්නයේ අස්වැන්නට නිසි මිලක් නොලැබීම හේතුවෙන්, අස්වනු නිවෙස් තුළ ගොඩගසා ගැනීමට සිදුව ඇති බවයි.
වර්තමානයේ වැලිමඩ, ඌව පරණගම, බෝගහකුඹුර සහ බොරලන්ද ප්‍රදේශවලින් අර්තාපල් වෙළෙඳපොළට ලැබෙමින් ඇති අතර, රු.160ක මිලකට විකුණාදීමෙන් කිසිඳු ලාභයක් නොමැති බව ගොවීන් කියා සිටී.
කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසන්නේ, මෙම ගැටළුව විසඳීමට කඩිනමින් පියවර ගනිමින් සිටින බවය.
අල, ලූනු සහ බඩඉරිඟු ගොවීන්ගෙන් මැසිවිලි

