Friday, February 13, 2026
Homeදේශීයඅවුරුදු දින කිහිපයේ අධිවේගි මාර්ගවල ආදායම මිලියන 462ක්

අවුරුදු දින කිහිපයේ අධිවේගි මාර්ගවල ආදායම මිලියන 462ක්

“මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පසුගිය 10 වනදා සිට 19 වනදා දක්වා දින 10ක් ඇතුළත අධිවේගි මාර්ගවල වාහන මිලියන 1.3ක් ගමන් කර තිබෙනවා. එයින් ආදායම රුපියල් මිලියන 462ක් හිමි වී තිබෙනවා. අද දිනයේත් වාහන විශාල ප්‍රමාණයක් ගම්බිම් බලා ගිය ජනතාව අධිවේගි මාර්ග භාවිතා කරනු ඇති බව බලාපොරොත්තු වෙනවා. අධිවේගි මාර්ගයට ඇතුළුවීමට පෙර ඔබගේ වාහනයේ තිරිංග පද්ධතිය ටයර්වල තත්ත්වය වගේම ආලෝක සංඥා පද්ධතිය පරීක්ෂා කර ඇතුල්වන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම අධිවේගි මාර්ගවල ගමන් කිරීමේ දී වාහන අතර අවම පරතරය මීටර් 50ක්වත් තබා ගන්නා ලෙසද ආසන පටි තදකර ගන්නා ලෙසද ඉල්ලා සිටිනවා. ඒ වගේම අයහපත් කාලගුණික තත්ත්වයකදී වාහනය පාලනය කර ගත හැකි වේගයකින් ගමන් කරන ලෙසත් ඉල්ලා සිටිනවා. එමෙන්ම ඔබගේ වාහනය ආපදාවකට ලක්වුවහොත් වහාම අපගේ 1969 අංකයට අමතන ලෙස ඉල්ලා සිටිනවා. පැය 24 පුරාම ඔබගේ සේවය සඳහා සැදිපැහැදී සිටිනවා.”

  • අධිවේගි මාර්ගයේ මෙහෙයුම් නඩත්තු හා කළමණාකරන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඩි. කහටපිටිය මහතා
RELATED ARTICLES

Most Popular

Recent Comments