සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ, අස්වැසුම් වාර්ෂික තොරතුරු යථාවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බවයි.
මෙය 2023 කාලය තුළ අස්වැසුම් පළමුවරට ලියාපදිංචි වූ සහ දැනට ප්‍රතිලාභ ලබන සහ නොලබන පවුල්/තැනැත්න් සඳහා අනිවාර්ය වේ. 2024 වසරේ දුක්ගැනවිලි ලබා දුන් අයදුම්කරුවන්ට තොරතුරු යථාවත් කිරීම අනිවාර්ය නොවන අතර, එම අයදුම්කරුවන් දැනටමත් තොරතුරු සමීක්ෂණයට යොමු වී ඇති බව මණ්ඩලය සඳහන් කරයි.
තොරතුරු සහතික කිරීමේදී, පවුලේ සාමාජිකයින්ගේ ජාතික හැඳුනුම්පත් සහ සක්‍රීය ජංගම දුරකථන අංකයක් තිබීම අත්‍යවශ්‍ය වේ.
පවුල්/තැනැත්න්ට තොරතුරු යථාවත් කිරීමට, අන්තර්ජාල සහිත පරිගණකයකින් හෝ ස්මාර්ට් ජංගම දුරකථනයකින් https://eservices.wbb.gov.lk වෙත පිවිසි, QR පත්‍රයේ HH අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර තොරතුරු පද්ධතියට ඇතුළු විය හැක.
මෙය නොකළහොත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකය හෝ වසම්භාර ග්‍රාම නිලධාරී මගින් වාර්ෂික තොරතුරු යථාවත් කිරීමේ අයදුම්පත්‍රය භාර දිය හැක.
අස්වැසුම් පළමු අදියරේ සියලුම පවුල් සහ තැනැත්න් තොරතුරු යථාවත් කිරීමට අනිවාර්යව සහභාගී විය යුතු අතර, නොසහාභාගී වුනේ නම් ඉදිරි වර්ෂයේදී අස්වැසුම් ප්‍රතිලාභයට සුදුසුකම් නොලබන ලෙස සලකනු ලැබේ.
අස්වැසුම් ලබන පාර්ශවයන් සඳහා විශේෂ දැනුම්දීම

